ශ්‍රී ලංකාවේ නවාතැන් සොයන පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග: මේ වන විට නවාතැන් සොයන විට අපට සිදු වන්නේ විවිද ක්‍රම භාවිතා කිරීමයි - මිතුරන්ගෙන් හා ඥාතීන්ගෙන් විචාරීම, විවිධ වෙබ් අඩවි හරහා සෙවීම, සහ විවිධ මාධ්‍ය වල දැන්වීම් පරීක්ෂා කිරීම. මෙය කාලය ගත වන, ව්‍යාකූල සහ බොහෝ විට අසන්තෘප්තිමත් ක්‍රියාවලියකි.
තවද, කාමර, ආගන්තුක නිවාස සහ කබානා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට තමන්ගේ සේවාවන් ප්‍රචාරණය කිරීම සඳහා සැලකිය යුතු මුදලක් වියදම් කිරීමට සිදු වේ. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා මෙය විශාල බරක් වේ.
මෙම ගැටළු දෙකටම පිළියම් ලෙස, අපි නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කාමර, කබානා සහ ආගන්තුක නිවාස එක් වේදිකාවකින් සොයාගත හැකි නවීන පද්ධතියකි. මෙය පාරිභෝගිකයන්ට මිනිත්තු කිහිපයකින් තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන නවාතැන සොයාගැනීමට ඉඩ සලසයි.
මෙම ආයතනයක් අපගේ system එක සදහා ඇතුලත් කිරීමට මාසිකව Rs 500 ක මුදලක් අය කරන අතර එම මුදලින් 50% ක්, එනම් Rs 250 ක මුදලක් ඔබ අයකරගෙන ඉතිරි මුදල අපගේ ගිනුමට බැර කල හැක.
මෙම කාර්ය ඔබ විසින් සිදු කල යුතු අතර ඒ සදහා නිස්චිත දිනයක් නොමැත. ඔබට හැකි දිනයක — මාසය ඇතුලත ඔබට හැකි දිනයක එම මුදල අපගේ ගිනුමට බැර කල හැක.
ඔබ එක් වතාවක් කරන වැඩ, මාස ගණනාවක් පුරා ආදායමක් ලබා දෙයි. ඔබගේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට දායක වන්න. ඔබටත් ඔවුන්ටත් ජයග්‍රහණයක් නිර්මාණය කරන්න.