ඔබේ Restaurant එකත් Online කරන්න, අදම අප හා එක්වන්න. මෙම Register button එක click කර දැන්ම Register වන්න.

Online Menu

අපගේ නවතම ඔන්ලයින් මෙනු සේවාව මගින් ඔබේ අවන්හලේ පාරිභෝගිකයන්ට ලබාගත හැකි අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අපි සූදානම්.

මෙම නවීන තාක්ෂණික විසඳුම මගින් ඔබේ අවන්හල සම්බන්ධයෙන් පාරිභෝගිකයන් තුළ ඇති කරන හැඟීම වෙනස් කර, ඔබේ ව්‍යාපාරය නවීන දිශාවකට යොමු කිරීමට උපකාරී වේ.

අපගේ Online Menu සේවාවේ විශේෂාංග

24/7 ඕනෑම තැනක සිට මෙනුව බලාගැනීමේ හැකියාව

Menu Image

පාරිභෝගිකයන්ට ඔබේ අවන්හලට පැමිණීමට පෙර ආහාර වට්ටෝරුව බලා තීරණ ගත හැකිය. එමගින් කාල වේලාවන් සහ දුරස්ථ බාධක ඉවත් කරයි. නිවසේ සිට හෝ ගමනක් යන එන අතරතුර ඔබේ අවන්හල ගැන තොරතුරු සොයන පාරිභෝගිකයන්ට එය විශාල පහසුවක්.

Ingredient බලාගැනීමේ හැකියාව.

Menu Image

ආහාර අසහනතා සහිත පාරිභෝගිකයන්ට ඔවුන්ට සුදුසු ආහාර හඳුනාගැනීමට පහසුව. එමගින් රෝගී තත්ව සහිත පාරිභෝගිකයන්ට (දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, ආහාර ඇලජි) සුදුසු ආහාර තෝරාගැනීමේ පහසුව පාරිභෝගිකයන්ට හිමිවන අතර, ඔවුන්ගේ ආහාර රටාවට ගැළපෙන ආහාර සොයාගැනීමේ හැකියාව (vegan, vegetarian) ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ විනිවිදභාවය වැඩි කරයි

Online Oder පහසුකම

Menu Image

ඔබේ අවන්හලෙත් online Oder පහසුකම ලබාදෙන්නේ නම් මෙය කදිම විසදුමකි. භෞතික දුරස්ථභාවය නිසා අවන්හලට පැමිණීමට නොහැකි පාරිභෝගිකයන්ට සේවය සැපයීම, ඔබේ අවන්හලේ සේවා සැපයීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම, කාර්යබහුල පාරිභෝගිකයන්ට ඔවුන්ගේ දිනකාල කාර්යයන් අතරතුර ආහාර ඇණවුම් කිරීමට අවස්ථාව සහා ඔබට අමතර ආදායම් මාර්ගයක් ලබාගැනීමට අවස්ථාව මෙමගින් ලැබේ.

භාවිතයේ පහසුව

Menu Image

සරල සහ පැහැදිලි අතුරුමුහුණත සහිත මෙනු පද්ධතිය නිසා. බාල, මහලු, තාක්ෂණික දැනුම අඩු ඕනෑම පාරිභෝගිකයෙකුට පහසුවෙන් භාවිතා කළ හැකිය. ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක වැනි ඕනෑම උපකරණයකින් භාවිතා කළ හැකිය. අමතර තාක්ෂණික උපකරණ අවශ්‍ය නොවේ.

QR Code තාක්ෂණය

Menu Image

අවන්හල තුළ QR කේත මගින් පාරිභෝගිකයන්ට මෙනුව බැලීමේ පහසුකම ලබාදිය හැක. වේටර්වරුන්ට අනවශ්‍ය ලෙස කතා කිරීමකින් තොරව ඇණවුම් කළ හැකිය. කඩදාසි මෙනු භාවිතයෙන් ඇතිවන පාරිසරික හානිය අවම කරයි. කොවිඩ්-19 වැනි වසංගත තත්වයන් තුළ ආරක්ෂාව වැඩි කරයි. නවීන, තාක්ෂණික අවන්හලක් ලෙස ප්‍රතිරූපය ගොඩනගයි.

සමාජ මාධ්‍ය හරහා බෙදාහැරීමේ හැකියාව

Menu Image

මෙනුව සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් බෙදාහැරීමේ හැකියාව සලසා ඇත. WhatsApp, Facebook, Instagram වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මෙනුව බෙදාහැරීමේ පහසුව. අවන්හලේ විශේෂ ප්‍රවර්ධනයන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පහසුව, පාරිභෝගිකයන් අතර වයිරල් ප්‍රචාරණයක් ලබාගැනීමේ හැකියාව, පුළුල් පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමේ අවස්ථාව මෙමගින් ඔබට හිමිවේ.

පහසුවෙන් පරිපාලනය කිරීමට සහ Update කිරීමට ඇති හැකියාව.

Menu Image

අවන්හල් හිමිකරුවන්ට සහ කළමනාකරුවන්ට ජංගම දුරකථනයෙන් පවා පහසුවෙන් මෙනුව යාවත්කාලීන කිරීමේ හැකියාව. නව ආහාර එකතු කිරීම, මිල වෙනස් කිරීම, තාවකාලිකව අයිතම සැඟවීම, මකා දැමීම වැනි කටයුතු පහසුවෙන් කළ හැකිය. තාක්ෂණික දැනුමක් නොමැතිව පවා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. මුද්‍රිත මෙනු වලට වඩා වැඩි නම්‍යශීලීභාවය, කාලීන අවශ්‍යතාවන්ට අනුව වේගයෙන් මෙනුව වෙනස් කළ හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

නවීන පෙනුම.

Menu Image

QR කේත, මාර්ගගත මෙනු, ඇණවුම් පහසුකම් ආදිය මගින් නවීන, තාක්ෂණික පෙනුමක් ලබාදීම. කුඩා අවන්හල් පවා නවීන තාක්ෂණය සමග තරගකාරී මට්ටමින් පවත්වාගත හැකිය. සාම්ප්‍රදායික අවන්හල් වලට නවීන පෙනුමක් ලබාදීම පාරිභෝගිකයන්ගේ අවධානය සහ උනන්දුව වැඩි කරයි.අවන්හල පිළිබඳ සමස්ත අත්දැකීම වැඩිදියුණු කරයි

නොමිලේ ප්‍රචාරණය.

Menu Image

අපගේ සේවාව සමග එකතු වන අවන්හල් සඳහා අපගේ සමාජ මාධ්‍ය ජාලය හරහා නොමිලේ ප්‍රචාරණය. ප්‍රචාරණ වියදම් අවම කිරීම, නව පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමේ අවස්ථාව, සමාජ මාධ්‍ය ජාලය තුළ අවන්හලේ දෘශ්‍යතාව වැඩි කිරීම සහා පාරිභෝගික පදනම පුළුල් කිරීමට මෙමගින් අවස්තාව සැලසේ

ඇණවුම්කරු හඳුනාගැනීමේ පහසුකම.

Menu Image

ඇණවුම් ලබා දෙන පාරිභෝගිකයාගේ ඡායාරූපය දර්ශනය වේ. එමගින් ඇණවුම ලබා දුන් පුද්ගලයා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වීම, ඇණවුම් බෙදාහැරීමේදී වැරදි අවම කිරීම, පාරිභෝගිකයන් සහ අවන්හල අතර සබඳතාවය ශක්තිමත් කිරීමට මෙයින් හැකිවේ.

full Profile පහසුකම.

Menu Image

සෑම අවන්හලක් සඳහාම පූර්ණ ප්‍රෝෆයිල් පිටුවක් නිර්මාණය කිරීම. අවන්හල පිළිබඳ සියලු තොරතුරු එක තැනකින් ලබාගත හැකිය. වියදම් අධික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මෙමගින් ඉවත් කරයි. අවන්හලේ විස්තර, සේවා වේලාවන්, විශේෂ ප්‍රවර්ධන, පිහිටීම ආදී සියලු තොරතුරු ඇතුළත් කළ හැකිය පාරිභෝගිකයන්ට අවන්හල පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් මෙමගින් ලබා දේ.

Digital Menu Board

Menu Image

ඔබ මෙනුවට ඇතුලත් කරන ආහාර පාන වර්ග ස්වයංක්‍රීයව Digital Menu Board එකක් බවට නිර්මානය වේ. එය සාමාන්‍ය Computer Monitor එකක් භාවිතා කර හෝ smart tv එකක් භාවිතා කර, ඔබගේ අවන්හලට පැමිනෙන පාරිභෝගිකයන් වෙත ප්‍රදර්ශණය කල හැක. Digital menu board වලට වැය වන විශාල මුදල මෙමගින් ඉතිරි වන අතර ඔබගේ අවන්හලට smart පෙනුමක්ද ලබාගත හැක.

Location එක ඇතුළත් කිරීමේ හැකියාව.

Menu Image

අවන්හලේ පිහිටීම google සිතියමක් මගින් ප්‍රදර්ශනය කිරයි. එමගින් පාරිභෝගිකයන්ට පහසුවෙන් අවන්හල සොයාගැනීමට හැකි වේ.

දැනට මෙනුව භාවිතා කරන Restaurant දෙකක්
Image 1 GOH Harbour Room
Image 2 GOH Tiffinhut
Free Package
  • Up to 20 items
  • Mobile responsive
  • Full Profile
  • Get one month free trial

Monthly fee: LKR 200
Starter Package
  • Up to 50 items
  • Mobile responsive
  • Full Profile

Monthly fee: LKR 500
Business Package
  • Up to 100 items
  • Mobile responsive
  • Full Profile

Monthly fee: LKR 1,000
Premium Package
  • Up to 500 items
  • Mobile responsive
  • Full Profile

Monthly fee: LKR 4,000

අපගේ ඔන්ලයින් මෙනු සේවාව මගින් ඔබේ අවන්හල නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කරන අතරම, පාරිභෝගික පදනම පුළුල් කිරීමට සහ ව්‍යාපාරික කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවස්ථාව ලබාදේ.
මෙම සේවාව දැනට නොමිලේ ලබාගත හැකි වන අතර, ඔබේ අවන්හල සඳහා අද දිනම මෙම නවීන තාක්ෂණික විසඳුම ලබාගන්න!

ඔබේ restaurant එකට smart look එකක් ලබාදෙන්න අදම සම්බන්ධ වෙන්න!

Smart features, QR code, orders, dashboard සහ තවත් බොහෝ දේ දැන් නොමිලේ!

අදම ලියාපදිංචි වන්න